Wednesday, June 7, 2017

යටවුණු දෙයියන් හා නලින් ද සිල්වා


පහුගිය ගංවතුර දවසක රත්නපුරේ ගිය විට සමන් දේවාලේ කට පුරෝලා වතුරය.
..මකර තොරණ ගාවින් යන බෝට්ටු පඬුරු දාන්නට නවත්තනවාදැයි බැලුවෙමි..  පුළුවන්නං අරන් යන ගංවතුර ආධාර උනත් දෙයියාට පුදන්න තරන් අපේ මහජනතාව බුද්ධිමත් ය..
 ග්‍රාමසේවක මහතා වතුර බෝතල් හා වියලි ආහාර මල්ලක් රැගෙන එනකන් දේවාලේ වහලට නැග සිටි සමන් දෙයියන් වහන්සේ නිව් ටවුන් පාරෙන් යන "සුමන සමන් දෙවි පිහිටයි.." කියා පිටිපස්සේ ලියා තිබූ කොළඹ බදුල්ල බස් එකක් දැක විලි ලැජ්ජාව දරාගන්නට බැරුව වතුරට පැන්නාද කියා සැකයක් ඇත.. එසේත් නැතිනම් ගංවතුර කාලේ දේවාලෙට පලතුරු වට්ටියක් තියා අඹ ගෙඩියක්වත් නොලැබීම නිසා හාමතේ රෝහල් ගත කළාද කියා ද සැකයක් ඇත.. අපරාදෙ සුජීව ඒ පැත්තෙ හිටියනං කෙහෙල් ගෙඩියක් හරි දෙනවාය.
නලින් මහතාගේ දෙයියා වන නාත ඇතුළු දේව මණ්ඩලේටම ඔය සන්තෑසියම වී අනාත වී තිබුණේය. වකුගඩු ආබාධ , ලෙඩ රෝග ත්‍රස්තවාදී ප්‍රහාර ගැන පොර ටෝක්ස් දුන්නාට දරුඵල විභාග ජය හොරු අල්ලා දීම් කලාට, රට ජාතිය ආගම පර සතුරන්ගෙන් මුදවා ගත්තාට මෑන්ස්ලා ගේ දේවාල බ්‍රාන්චර්ස් වලටද ගංවතුරෙන් බබා හම්බුවී තිබුණි..  මීට කලින් සීනිගමට, දැඩිමුණ්ඩ දේවාලෙට හොරු පැන්නද.. හැම දේවාලෙම cctv සවිකර තිබුණද..
ඔය මොනවා සිද්ද උනද අපේ උන් ඉතින් වතුර බැහැලා ගියාට පස්සේ උන්ගේ වියදමින්ම පිං පිණිස ඔය දේවාල ඔක්කොම පේන්ට් කර දෙනවාමය..




 ජාතිවාදී ප්‍රවාහය හා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ මීළඟ පියවර., විප්‍රලම්භ ශෘංගාරය තුල ශ්‍රාවක සිතෙහි ජනිත වන පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමු වීමේ ආශක්තය.., ගෝලීය ධනේශ්වරයේ තුන්වන කාර්තුව තුල ක්‍රියාත්මක වන අධ්‍යාපන පෞද්ගලීකරණය සයිටම් අර්බුධය හා ලංකාවේ තේකොල කර්මාන්තයේ කඩාවැටීම ගැන ටෝක්ස් දුන්නට අද හවසත් හතරට කූඹිච්චි බැලුවෙමි.. පොඩි කාලේ සිටම ( ඔව් ඔව් දැනුත් පොඩි එකා ) කාටුන් බැලීමේ ආසාව නිසා දැනටත් මහ රාත්‍රී කාලවල මම කෝපි එකක් හදාගෙන සූර පප්පා බලමි..
ඔය වගේ හිත ගිය රිපීට් කර කර බලන කාටුන් සෙට් එකේ උඩින්ම තියන එකකි ස්කූබි ඩූ .ඒකෙත් උන් සෙට් එක පොඩි කාලේ කතා වලට මම පට්ටම ලව් ය..

ගොං ප්‍රෙඩියා ඕන මගුලකට පටලවන රතුඇස්කොට් කාරයාගේ සීන්ස් දකින විට මට මතක් වෙන්නේ නලින් ද සිල්වා ය..

ලංකාවට මේ දවස් ටිකේ කෙල වී හැඳිගෑවී ගිහින් කුණු කඳු කඩාවැටීම් නාය යාම් ගංවතුර වගේ සීන් වෙන්නේ සම්‍යක්දෘස්ටික දෙයියන් ලංකාවෙන් ඈත්වීම නිසා කියා ඒ මහතා කියා තිබූ ලිපියක් දැක නාමල් රාජපක්ස ගල් ඉන්නක් දෝත දරා කකුලේ පස් බිඳක් නොගෑවී වලක් කපන දර්ශනයත් චතුර සේනාරත්න නැසනල් එකට උඩින් ලයිෆ් ජැකට් එකත් ඇඳ සිටි දර්සන දෙකම එකවර දුටු කලෙක මෙන් සිනාව අන්නශ්‍රෝතය හරහා පැමිණ ඉස්මොල්ලේ ගොස් යන්තම් පණබේරාගෙන මේක ලියන්නෙමි..
ඒ හිනාව අසා අවුරුදු උත්සව දහ පහළවක හොඳම හිනාවට දෙන තෑගි ඔක්කොම අද අපේ ගෙදරට ගෙනල්ලා දීම නිසා ගමේ උන්ගෙන් ගුටි කෑමට සිදුවේය යන බියෙන් නැවතත් ඒවා හරවා යැව්වෙමි..

මට වෙලාවකට මෙහෙමත් හිතෙයි..
නලින් මහත්තයා එළ බුවාය.. ගණිත මහාචාර්ය වරයෙකි.. සුපිරි බුද්ධිමතෙකි..
දැන් වයස නිසා ගෙදර ඉන්නේ කම්මැලිකමේය.. මහින්ද රාජපක්සට පොඩි බටර් පාරක් ගාගෙන කම්මැලිකමේ ඉන්න නිසා මෑන්ස් මේ ගන්නේ ආතල් එකක් කියා මට හිතෙයි..

සිංහල බොදුණුවා.., වරිගපූර්ණිකාව වගේ පැරඩි පේජ් වල ඇඩ්මින්ලා ගැන පොඩ්ඩක්  හිතන්න.. උන් ආතල් පෝස්ට් එකක් දමා අපේ හරක් ටික පශ්චාත්භාගය පොළොවේ ගසා ගෙන අර දමා තියන දේ ඇත්තය කියා හිතාගෙන ආඩම්බරෙන් සෙයා කරන හැටි.., වාව් පට්ටය කියා කොමෙන්ට් කරන හැටි.. එතන කොමෙන්ට් කර කර මරාගන්නා හැටි.. ඒ බොරුව ඌ හැදුවා වගේ සිරා කරගෙන වෙන එකෙක්ට කියන හැටි.. ඒක ඔප්පු කරන්න වෝල් එක පුරා පතරංග කොමෙන්ට් ගූගල් කර කර ලියන හැටි බලාගෙන අරුන් පොප්කෝන් කකා ගන්නා ආතල් එක බෝම්බයක් බ්ලාස්ට් කරගෙන මරාගෙන මැරී කන්‍යාවො 72ක් එක්ක දිව්‍යලෝකේ ඉපදෙන තලේබාන්කාරයෙක්ටවත් ගන්නට බැරිය..

දැන් ඕක නලින් මහත්තයට ඇප්ලයි කරමු..
එතුමා ඔය නාථ දෙයියො ගැන හෝ වෙන මොන සිංහලබෞද්ධ අදෘශ්‍යමාන ඉන්ද්‍රියගෝචර නොවන  මෙව්වා එකක් ගැන නිව්ටෝනියානු සමීකරණය ක්වොන්ටම් අංශුව ආදී වදන් සම්බන්ධ කර ලිපියක් දමයි..
දැන් ඕක සිරා ගන්නා සමහර ගණිත ඔලිම්පියාඩ් වලින් කප් ගහපු උන් වැනි අසරණ බයියො සෙට් එක ඔය කතා සිරා ගනී..
අම්මෝ මහාචාර්ය තුමා ටෝක්ස් එකක් දීලා කියාගෙන අර වරිගපූර්ණිකාවෙ රාවණා පෝස්ට් ඔප්පු කරන්න හදන ඩෑල්ස් වගේ සමීකරණ දාගෙන අවකලනය අනුකලනය දාගෙන නාථ දෙයියන්වයි බහිරව පූජාවයි ඔප්පු කරන්න පතරංග කොමෙන්ට් කොටයි..
අප්පච්චී ආයෙ  පාරක් ජනාධිපති වෙනකන්  බලන් හිඳියි..

නලින් මහතා ෆේක් එකවුන්ට් එකක් හදාගෙන අනේ මෙහෙම හරක් ටිකක් කියා පොප් කෝන් කකා උසි උසි කියා කොමෙන්ට් කරනවා විය හැක..

මෙය මාගේ සිතිවිල්ලකි
මෙසේ සිදු නොවිය හැක..

නලින් මහතා මෙය සිරාවටම කියනවාද විය හැක..

#අකලංකාරය

  1.   - චමල් අකලංක පොල්වත්තගේ

2 comments:

  1. පට්ටයැ.... මලේ මේ බොග එල්ලපන්කො ඔය තියෙන අටෝ රාසියක් බොග් සින්ඩිකේටර් වල...

    ReplyDelete
  2. නියම ලියවිල්ල.ඇයි දැන් මොකක්ද වාහිනියක පැය බාගයක්ම යන්නෙමැණික් වාසනා උදාවේ කියල මගුලක්..අනේ මන්ද
    මේවත් ඉතිං ගංවතුර ගලන්නෙ ගෑනු කොටට අදින හංද කියපු අරාබි කාරයගෙ විස්වාසෙට දෙවෙනි නෑනෙ

    ReplyDelete