නමුත් සමන්තභද්ර ට ඇතිවන විරෝධය පොඩ්ඩක් බැලුවොත් එහි වෙනසක් ඇත.
එය ඊනියා විරෝධයකි..!!
පොඩ්ඩකට හිතමු සමන්තභද්ර දැන් ඉන්නවා වගේ ඉන්නෙ නැතුව..
ජාතිය ආගම රැකපන්ඩෝ..
මේක අපේ රට ඩෝ..
නජජ්ජා වසලෝ හෝතී අදාල නෑ ඩෝ.. සිංහලයා විතරයි යකෝව්.. කියා පාරක් ගානේ දෙමල්ලු තම්බි කපන්න ගියානං..
සිවුර උස්සාගෙන රෙදි කඩයක් ගිනි තියන්න වැඩියනං...
අහවල් එකා ඇමති කරව් ජනාධිපති කරව්. අගමැති කරපියෝ.. අරක සැපද මේක සැපද අසමින් හංදියක් ගානේ මීටින් වල බෙරිහන් දෙමින් පක්සෙකට හෝ මොකෙක් හෝ දේසපාලුවෙකුට කඩේ ගියානං..
හොර උපාධි කඩේ වහපිය ඩෝ..
නිදහස් මෙව්වා එක රැකපන් යකෝව් ගා උද්ඝෝෂණ වල කඳුළු ගෑස් කෑන් පොලීසියට විසි කලානං..
උසාවි වල තාප්පවල් උඩ නැගගෙන බැරියර් පෙරලා දැඟළුවානං..