Sunday, November 13, 2016

ටැබ් කතාව


ටැබ් ගැන කතා ගොඩක් ඇහෙන හින්දා මේක ලියන්න හිතුනෙ...

මේ අවුරුද්දෙ (2016) මුලදි මමයි මගෙ මිතුරන් කිහිප දෙනෙක් එකතු වෙලා කතා වුණා දුෂ්කර ඉස්කෝලෙකට පුළුවන් විදිහකට උදව්වක් කරමු කියලා.. ඒ අනුව තවත් මිතුරෙකුගේ මාර්ගයෙන් මොනරාගල වත්තේගම සිරිමල් විද්‍යාලය මේ කාර්‍යට තෝර ගත්තා.. මේ ඉස්කෝලෙ හිටියෙ දරුවො 95 යි ගුරුවරු දොළහයි..
අපි ෆේස්බුක් හා දන්න හඳුනන අය මාර්ගයෙන් අභ්‍යාස පොත් 1500 ක් , පෑන් පැන්සල් මකන කෑලි එකතු කරලා හැම දරුවටම ලැබෙන විදිහට පැකට් වලට ඇහිරුවා.. ඒ වගේම පුස්තකාලයක් හදන්න කියවන පොත් 2000ක් විතර එකතු කළා..
අපි එන්න කලින් ඉස්කෝලෙ ප්‍රින්සිපල්ට කතා කරන්න විදිහක් නෑ ගමට සිග්නල් නැති හින්දා.. ප්‍රින්සිපල් සර් අපිට කතා කරන්නෙ මොනරාගල ටවුන් එකේ කලාප කාර්‍යාලෙට ඇවිල්ලා.. ඉස්කෝලෙ තියෙන්නෙ මොනරාගල ටවුමෙ ඉඳන් තවත් කිලෝමීටර් 30 ක් විතර දුරින්. සියඹලාන්ඩුවට මායිම්ව..
කොහොමහරි පෙබරවාරි මාසෙ දවසක ඉස්කෝලෙට ගියා අපි පොත් තෑගි අරගෙන.. ඒ යන පාර බයිසිකලයකටවත් යන්න බැරි තරම් අබලන් වෙලා තිබ්බෙ.. වෑන් එකේ ඩ්‍රයිවර් අපිට නොබැන හිටියෙ බොහොම අමාරුවෙන්.. වේලිලා ගිය ඉරිඟු වතු මැද්දෙන් ඉස්කෝලෙට ගියා..
ගමේ මිනිස්සුන්ගෙ ප්‍රධාන ජීවනෝපාය ඉරිඟු වැවිල්ල..
සමහර පොඩි උන්ට සපත්තු නෑ.. සමහර



පොඩ්ඩන්ගෙ නිල්දාලා හෝදලම කහ වෙච්ච යුනිෆෝම්.. ඒ ඉස්කෝලෙට විදුලිය ලැබිලා තිබ්බෙත් කලුතර රජයෙ ආයතනයක සේවක මහත්ම මහත්මීන් එකතුවෙලා කරපු පරිත්‍යාගයක් විදිහට ඊට මාසෙකට විතර කලින්. ඩෙස් බංකු කැඩිලා. සමහර පන්ති හදලා දීලා තිබ්බෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගෙ ව්‍යාපෘති විදිහට.  ස්පෝර්ට් මීට් එකේ එක දෙක තුන වෙන පොඩ්ඩන්ට පදක්කම් දාන්න නග්ගලා තිබ්බෙ උස පිළිවෙල තුනක් එන්න හිටවපු ටින් වල..
අපි ගෙනාපු පොත් භාර ගත්තෙ , අපි එක්ක ඒ දරුවො නැටුවෙ සින්දු කිව්වෙ එළියට පුටු උස්සගෙන ඇවිල්ලා මිදුලෙ ගහක් යට රවුමක් හදලා.. වැහි පොදයක් වැටුනම දිව්වා පුටුත් අරන් පන්තියට..

ඔය එක අත්දැකීමක්

ඔය ආකාරයේ පාසල් ඕනෑ තරම් ලංකාවෙ ඇත. ලක්ෂ 40 ක් දරුවන්ගෙන් බහුතරයකගේ ඉරණම ඔයාකාරය..

එබැවින්..

අපෝ ටැබ් දෙන්නෙපා ළමයි බ්ලූ බලනවා කියූ ගෝත්‍රික බයි චින්තනය ද , ටැබ් එක දුන්නාම රටේ අධ්‍යාපනය ලෝකෙටම ගහනවා කියූ ටොයි චින්තනය ද, ඕක හරියන්නෑ.. ටැබ් දෙන එකට කලින් කරන්න වැඩ කොච්චර තියනවද කියූ සමාජවාදී චින්තනයද බැහැර කරමි...


ටැබ් දිය යුතුය...එහි තර්කයක් නැත.. උසස්පෙළ නොව හැකිනම් කුඩා කල සිටම පරිගණක හා ගැටීමට සළස්වනවානම් වඩාත් හොඳය.. කොහෙන් හෝ අප පටන් ගත යුතුය..
නමුත් දැනුම මූලික කරගෙන ජාතියක් ලෙස ඉදිරියට යාමට නම්

ටැබ් හා සමගම...

පාසල් වල ගුරු පුරප්පාඩු පිරවිය යුතුය..
ඔවුන් පුහුණු කළ යුතුය. වැටුප් විශ්‍රාම වැටුප් විධිමත්ව ලබා දිය යුතුය.
මැටි මඩු සිමෙන්ති පන්ති කාමර විය යුතුය
පොල් අතු සීට් විය යුතුය
කළුවර පන්ති කාමර විදුලියෙන් එළිය වැටිය යුතුය.

කෝල් එකක් ගන්න ටවුමට ආපු ප්‍රින්සිපල් සර්ට මොනරාගල යාල බෝඩර කොනේ ඉස්කෝලෙ ඉඳන් වට්සැප් වයිබර් ස්කයිප් කෝල් ගත හැකි විය යුතුය..
ඉන්ටර්නෙට් බිල් වැඩි කරන අමන ප්‍රතිපත්ති හකුලා ගත යුතුය..
විද්‍ය්‍යාව ගණිතය නැති හින්දා හැමදාම ආට් කරපු ළමයින්ට ගමේ ඉස්කෝලෙ විද්‍ය්‍යාගාර හැදිය යුතුය..
විෂය මාලා පුළුල් විය යුතුය.
චිත්‍ර නැටුම් සංගීතය ආදී සෞන්දර්ය දරුවන්ට එක වගේ ලැබිය යුතුය.
පොත් ටික, වැරහැලි වෙනුවට පිරිසිදු නිල ඇඳුම් , බාටා කෑලි වෙනුවෙට සපත්තුද ලැබිය යුතුය...
ලන්දට යන පොඩි උන්ට වැසිකිළි සාදා දිය යුතුය..
පු වලවල් හාරා වතුර ගන්නවා වෙනුවට පිරිසිදු පානීය ජලය ලබා දිය යුතුය..
තාත්තගේ බඩේ එල්ලී දෙගොඩ යා කල යකඩ කේබල් එකේ බඩගා ඉස්කෝලෙ යන පොඩි උන්ට පාලම් පාරවල් හදලා දිය යුතුය.
පිට පොත්ත බඩට ඇලුන පොඩි උන්ගෙ කායික මානසික වර්ධනය මරලා දාන  මන්දපෝෂණේ නැති කරන්න මග නොනවතින ආහාර වැඩසටහනක් ක්‍රියාත්මක විය යුතුය.
නව නිපැයුම් කරුවන් ට විශේෂ අවධාන හිමිවිය යුතුමය..


පාසල් පද්ධති හා සමගාමීව විශ්ව විද්‍ය්‍යාල පද්ධතියද මේ හා සමානවම නව ලෝකය හා ගැටෙන්න දැනුම සොයා යන නිදහස් නිවහල් සාමකාමී මිනිසුන් බිහිකිරීම උදෙසාම ක්‍රියාත්මක විය යුතුය.. පාසල් හා විශ්වවිද්‍යාල පද්ධති ස්මාට්විය යුතුය.. ටැබ් වලින් පිවිස දැනුම සොයා ගන්න, විෂයමාලා හදාරන්න හැකිතරමට දියුණුවිය යුතුය..

ඉතින් මහතුනි...

අනිවාර්‍යයෙන් දරුවන්ට ටැබ් දෙන්න. ලැප් දෙන්න..
 අනිත් දේවලුත් මේ හා සමගාමීව  අනිවාර්‍යයෙන් කරන්න.. වහාම මේ වසරේම ව්‍යාපෘති අරඹන්න..

ඒවා නොකර..
 බඩගින්නේ ඉන්න.. වැල් වල එල්ලිලා ඉස්කෝලෙ එන.. විදුලිය නැති.. වැසිකිළි නැති.. පොත් නැති දරුවන්ට ටැබ් දී පලක් නැත..

ඇමතිලට වාහන ගෙන්වීමට,ගෙවල් අලුත්වැඩියා කිරීමට, උත්සව සම්මන්ත්‍රණ තැබීමට , බේබිලට රොකට් යැවීමට, නත්තල් ගස් හැදීමට, බල්ලෙක් නැති පලාත් වල තීරු හයේ පාරවල් හැදීමට යන වැනි අනවශ්‍ය මුදල් මේවාට වෙන් කරන්න..

රවී මහතාණෙනි...,

දැයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සද්භාවයෙන් කරන්නේනම් මේ සියල්ල එක හා සමානවම සමගාමීව විය යුතුය.. නැතිනම් ටැබ් ගෙන්වන  මිතුරෙකුට ටෙන්ඩරයක් ලබා දීමට ඔබතුමා ගොතන ලද කතාවක් ලෙස ජනතාව ඔබට අවලාද නැගීම නොවැලැක්විය හැකිවනු ඇත...


- චමල් අකලංක පොල්වත්තගේ


















8 comments:

  1. Sanni malaya kiyana eka hariyata hari ( andurata Saapa karanwta wada eka pahanak hari dalwanna balamu kiyalaa kathwakuth thiynawane ) puluwan hatiyata technology ekath ekka issarahata yana eka wennama one deyak. ape gam palathe api gewal hadu pwulwala minissuth dan face book, imo, whats app , viber walin thamyi apith ekka ganu denu karanne , duppath kiyala technology eka atharinna honda naa, saarabhumi kiyala facebook page ekak thiyenawa eke gowithan karana tharunayo thamange waga wada ehema photo daala minisssu athra govithane agaya pathurawnawa penenawa. e wage godak honda pathi thiyenwa oya TAB wadeth. sorry mage sinhala font ekak naa.

    ReplyDelete
  2. මිනිස්සුන්ටම ඔක්කෝම නොමිලේ දෙන එකයි වරද...?

    එහෙම බලුවාම කන්න බොන්න දෙවට වඩා මෙහෙම දෙයක් දෙන එක ළොකු දෙයක්.. ලෝකේ ඔක්කෝම සතුටු කරන්න බෑ කවදාවත්.. මේවට විරුද්ධ දෙමව්පියෝ ඇති ඕන තරම්.. නමුත් අනාගතයේ දවසක මේ දේවල් අගයාවී.

    ReplyDelete
  3. ටැබ් දෙන එකෙත් බදු ගහන එකෙත් අවුලක් නැහැ හොඳ ක්‍රමවේදයක් ඇතුලෙ වෙනවනම්.කිසිම දෙයක් නිකං (නිකං කීවට ඊට වඩා වක්‍රව අරන්නෙ තියෙන්නෙ ) දෙන්න අවශ්‍යතාවක් නැහැ හරිහමන් සිස්ටම් එකක් තිබුණා නම්.

    ReplyDelete
  4. Sanni Malli..

    I was thinking you are gifted with wonderful writing skills.. but you are more that that..

    I wish all from my heart that these will reach to people who should think, develop and bring these ideas to reality..

    Hat off to you Sanni Malli..🙏

    ReplyDelete
  5. ඔබ කියන එක ඇත්ත. සාමාන්‍ය තත්වයේ පාසල් වල ළමයින්ට නං ටැබ් එක ලොකු දෙයක් වෙන්න පුලුවන්. ඒත් දුෂ්කර පැති වල තියෙන පාසල්වලට ටැබ් වලට වඩා අධ්‍යාපනයට අවශ්‍ය මූලික දේවල් ටිකවත් සපයල ඔය දේ කරනවනං ලොකු දෙයක්.

    ReplyDelete
  6. එකඟයි. මේකේ තියෙන ඒදණ්ඩේ යන ළමයාගේ ෆොටෝ එකයි, කම්බිවල එල්ලිලා යන ෆොටෝ එකයි මට මතකයි.

    ReplyDelete
  7. ඇත්ත කියහන් ටැබ් එකෙන් බ්ලු බලන්න පහසු වෙන එක සමාජ් මෙහවරක් නෙවෙයිද.....මොකා මොනවා කිව්වත් ඒක සමාජ මෙහෙවරක්

    මොනව වුනත් ලිපියටම එකගයි.

    ReplyDelete
  8. මේ ලිපියේ කරුනු කාරනාවලට එකඟයි.

    ReplyDelete