Tuesday, October 4, 2016

ෂර්ලොක් හෝම්ස්


එදා සිකුරාදා දිනයකි.. මහරගමට  සුවබර රාත්‍රියක් වූ නමුත් තරමක වැහිබර ගතියක් තිබිණි. හෝම්සුත් මමත් සුපුරුදු පරිදි ඉරිදා පුවත්පත් බලමින් සිටියෙමු..
හෝම්ස් තම ඇඟිලි අතරේ සිය සිගරට්ටුව රඳවාගෙන පුවත්පත බලන අතරතුර තරමක කල්පනාවක නිමග්නව සිටි බවක් පෙණුනි..
එක්වරම උගුර පාදා හෝම්ස් තම හඬ අවධි කළේය..
"වොට්සන් ඔබට මම කිව්වොත් මේ මම බොන අන්තිම සිගරට් එක කියලා එයින් ඔබ එළඹෙන නිගමනය මොකක්ද...? "

හෝම්ස් එය ඇසුවේ මා දෙස නොබලාම පුවත්පත දෙස දෑස් අයාගෙනය.. තරමක බැරෑරුම් ස්වරූපයක් ඔහුගේ මුහුණේ තිබුණි..
මට එකවරම දීමට පිළිතුරක් සිතා ගත නොහැකිව " මම හිතන්නෙ ඔබේ ඇදුම ගතිය වැඩි වෙලා වෙන්න ඇති " යයි කීවෙමි..
නෑ මගේ මිත්‍රයා තව වරක් උත්සහ කරලා බලන්න.. ඔබේ නිරීක්ෂණ හැකියාව දියුණු කරගන්න නම් මීට වැඩිය මනස මෙහෙයවන්න ඕනෙ වොට්සන් යැයි හෝම්ස් නැවතත් මා දෙස නොබලාම කීවේ ය...
මම නැවතත් සිතන්නට වූයෙමි.. මීට සතියකට පෙර හෝම්ස් පමුණුව පාරේ ෆාමසියෙන් මා සමගම ගොස් මා ලියා දුන් බෙහෙත් ගත්තේ කැස්ස වැඩි වීම නිසාය.. එහෙයින් මට සිතුනේ මීට පෙර කළාක් මෙන් බෙහෙත් නියමිත වෙලාවට නොබීම නිසා මම බනින බැවින් වත්තෙගෙදර ඩිස්පෙන්සරියෙන්  දොස්තර වරයෙක් චැනල් කර බෙහෙත් ගෙන ඇති බවත් ඔහු දුම්පානය නවතන ලෙස තදින් අවවාද කර ඇති බවත් ය...

මේ අතරම එක් වරම කාන්තාවන් කෑ ගසන ශබ්දයක් ඇසුන බැවින් වහාම මා එයට අවධා යොමු කළෙමි...

" හඩ්සන් නෝනට කරදරයක්ද දන්නෙ නෑ හෝම්ස්.. කෑගහනව ඇහෙනව පහළ.. අපි ගිහින් බලමු... "

එසේ කියමින් මම සරම හදා ගන්නා අතර පුටුවෙන් නැගිට්ටෙමි..

හෝම්ස් මා දෙස බලා මද සිනහවක් පා " ඉඳගන්න යැයි හිසින් සංඥා කළේය.. මා දොර දෙස බලා නැවත හිඳගත්තෙමි..

ඇයි හෝම්ස් හඩ්සන් නෝනට කරදරයක් ද දන්නෙ නෑ.. ගිහින් බලන්න ඕනෙ නේද අපි...  ?

වොට්සන් ඔබට ඇහුනද ඒ ශබ්ද..



ඔව් ඒ කාන්තාවො කිහිප දෙනෙක් කෑ ගහන ශබ්දයක්..

එතන හඩ්සන් නෝනගෙ කටහඬ තිබුණද වොට්සන්...?

මට ඒක හරියටම මතක නෑ හෝම්ස්.. කොහොම උනත් අපි යන එක තමයි හොඳ...

නෑ මගෙ මිත්‍රයා එතන හඩ්සන් නෝනගෙ කටහඩ තිබුණෙ නෑ..

එහෙනම්..?? මා පුදුමයෙන් ඇසුවේ මේ මනුස්සයා එකවර කාර්‍යන් කීයක් කරනවාදැයි සිතමිනි..

එතන තිබුණෙ තරුණ කාන්තාවන් දෙදෙනෙකුගේ හඬවල් දෙකක් සහ..
තව පොඩි ළමයෙකුගෙ හඬක්
ඒ වගේම යන්තමින් පිරිමි කටහඬකුත් ඇසුනා..

මේ මනුස්සයාගේ කන් ඇසීම ගැන මා වික්ෂිප්ත වූවෙමි...

ඉතින් ඔබ සිතන්නේ මේ කුමක් කියාද වොට්සන් ?

කිසිවක් සිතාගත නොහැකිව මම පුදුමයෙන් ඔහු දෙස බැලුවෙමි..

" මම හිතන්නෙ හඩ්සන් මහත්මිය අල්ලපු ගෙදර මනුස්සය එක්ක වැට මායිමට ආයෙත් රණ්ඩු වෙන්නැති "
 කියා මම කීවෙමි...


හහ් හහ් හා.....

හෝම්ස් සිනාසී
ඔබේ නිරීක්ෂණ හැකියාව තව දියුණු කරගතයුතුයි වොට්සන්..

සිගරට්ටුව අළු බඳුනට දමන අතරේ ඔහු කීවේ තවමත් සිනාසෙමිනි...

එහෙනම් මොන කෙහෙල්මලක් ද ඒ ඇහුනෙ...

තරහ ගන්නෙපා මගෙ මිත්‍රයා...

අර ගෑනි සද්දෙට ටීවි එක දාගෙන මේ ආදරයයි බලන සද්දෙ තමයි අපිට ඇහුණෙ....

මගේ තරහ නිවී මටම බැනගන්නා අට්ගර සිනාසුනෙමි...

හහ් මට ඒක හිතාගන්න බැරි උනානෙ

මදක් සිනාසී ඔහු තවත් දුම් වැටියක් දල්වා ගත්තේය..

හෝම්ස් ඔබ නැවත දුම් බොන්නෙ නෑ කිව්වා නේද..

තව සිගරට් දෙකක් තියනව වොට්සන්... ඔබ තාම කිව්වෙ නෑනෙ මම අහපු ප්‍රශ්නෙට පිළිතුර..
 හෝම්ස් නැවතත් මා දෙස බලා දුම් ගුලියක් පිට කරමින් ඇසුවේය..

මම හිතන්නෙ ඔබට ඩොක්ටර් පෙරේරා කියන්නැති දුම්බීම නවත්වන්න කියලා...

වහා පුටුවෙන් නැගිටගත් හෝම්ස් සිගරට්ටුව මේසෙ උඩට විසි කර පත්තරේ මගේ ඔඩොක්කුවට දමා ගසා බෙරිහන් දුන්නේ ය..

"මගුලක් කියන්නෙපා වොට්සන්.. මේ ගස් බල්ලො ටික ආයෙත් සිගරට් වැඩි කරනවලු....
මේ බලහන් පත්තරේ...."

සරම හදා ගත් හෝම්ස් නැවතත් හැරී සිගරට්ටුව ගෙන දඩාස් ගා දොර වසා ගෙන පහලට ඩ්ජිව යන ශබ්දය මට ඇසුණි...


මේ යකාට මොනව වෙලාද.. මම මටම කියා ගත්තෙමි..

..........
මතු සම්බන්ධයි

#අකලංකාරය
-චමල් අකලංක පොල්වත්තගේ



4 comments: