Monday, November 23, 2015

====අයවැය 2015====

( ප.ලි - මෙය අයවැය ගැන විමර්ශණයක් නොව අයවැය සම්බන්ධයෙන් ලාංකිකයන්ගේ හැසිරීම පිළිබඳ සටහනක් පමණි. ) . බයියන්ට අනුව මේ අයවැය පට්ටම පජාතය.. කුජීතය.. වැඩකටම නැත.. . පා.ම මහින්ද හිටපු ජනාධිපතිවරයෙකු ලෙස අයවැය දුන් පිළිතුර මට තේරුන් නෑ කියා ය.. සෑම මන්ත්‍රීවරයෙකුටම දෙන මුද්‍රිත පිටපත එතුමාට නොලැබෙන්නට ඇත..පව්.. වීරවංස ගැන කතා කිරීමට යුනිකෝඩ් වැය කිරීම අපරාධයකි. . වෙන පක්ෂයක් අයවැයක් ගෙනාවොත් එය මෙතෙක් කාලෙකට ගෙනාපු නරකම අයවැය කියා කියන පොදු ලාංකික ස්වභාවය බයියන් තුළද එලෙසින්ම දැකගත හැකි වූ අතර ( එහෙම නැත්තන්නෙ පුදුමෙ ) නමුත් උන්ට පෙනුනේ රවීගේ සිංහල උච්ඡාරණයේ අව්ල පමණි.. ( මනුස්සයෙක්ගෙ දුර්වලතාවයකට හිනා වීම ගෝත්‍රිකයන්ට උරුම වූවක් වන නිසාත් එසේ කළේ බයියන් නිසා එය පුදුම වීමට කරුණක් නොවන නිසාත් ඒ ගැන වැඩිදුර ලිවිය යුතු නැත ) . පා.ම මහින්ද මහතාගේ පාලන සමයේ රටේ සමස්ථ අයවැයෙන් 45%ක්

Wednesday, November 18, 2015

කුමරිය සහ මායා කැඩපත



අහෝ කැඩපත 
සත්‍යයේ..
පෙන්වන්න
මා හට
කවුද මේ ලොව
සොඳුරු තරුණිය
කියා හැමදා
අසන කුමරිය.....
අදත් ඇසුවා
සිනාසී
මායා කැඩපත
දෙස බලා......
මගේ මුහුණින්

Saturday, November 14, 2015

පැරිස් වල විතරක් නැවතුනේ ඇයි මචං..??


දමස්කස් වැල්ල
පහුකරන්
පලස්තීනෙන්
තවත් ඈතට
එන ගමන්...
බැග්ඩෑඩ් ගිහින්
ටියුනීස්
කයිරෝ
බලාගෙන
ට්‍රිපොලි වල
නවතිමු...
ගෙදර එන ගමන්
මුම්බායි හරහා
නන්දිකඩාල්
වලටත් ගිහින්
අරංතලා පාරෙන්
කොළඹ එමු..
ටුවර් එක
දිගයි ගොඩක්
පැරිස් වල විතරක්
නැවතුනේ
ඇයි මචං...??

Sunday, November 8, 2015

පශ්චාත් කියවීම (සෝභිත හිමි | මහින්ද | බයියා | මිලෙච්ඡයා )




මනුස්සයෙකුගේ මරණයකදී සතුටු වෙන, මහින්දට ඡන්දය නොදීම එයට එකම හේතුව කරගත්., තමන් මාර සිංහල බෞධයයි සිතා සිටින තිරිසන් ම්ලේච්ඡ ගෝත්‍රිකයන්ව පෙර පාසල් හා දහම් පාසල් අධ්‍යාපනයට යොමු නොකර ප්‍රජාතන්ත්‍රවාදය., යුක්තිය., යහපාලනය ( සංකල්පය ).,සාධාරණත්වය., අවිහිංසාව හා නියම බුදුදහම කුමක්ද යන්න පැහැදිලි කිරීමට උත්සහයක් යම් පමණකින් හෝ දැරූවකු ලෙස අතිශය කණගාටුවට පත් වෙමි...
.
සෝභිත හිමිට මේ එල්ල කරන අතිශය නින්දිත ප්‍රකාශයන්ට එකම හේතුව වන්නේ මහින්දට ඡන්දෙ දෙන්න එපා කීම හෙවත් තම දේශපාලන මතයට විරුද්ධ වීමයි...
එනම් ඔවුන්ගේ මතය නොදරන යමෙකුගේ මරණයෙන් ඔවුන් සතුටු වන බවයි..
අපි අවුරුදු තිහක යුද්ධයක් අවසන් කර ගොඩනැගුවේ මෙවන් තිරිසන් ම්ලේච්ඡ රටක්ද යන්න පිළිබඳ සිතන විටත් සිතට දැනෙන්නේ මහා කණගාටුවකි..
.
කම්පණයට හේතුවන අනෙක් කරුණ වන්නේ මෙසේ ප්‍රකාශ කරණ පිරිස සිංහල බෞද්ධකම ගැන නිතර කතා කරන.., එය රැක ගැනීමට

Friday, November 6, 2015

අල්ලස් දෙයියා



ගමට මාරුවක් 
හදාල ගන්නට
කන්තෝරුව වෙත 
ගිය වේලේ....
මාරු වීම කරලා
දෙන්නම් මං
තවත් මොනර කොළ
ඕනෑ වේ.....
රැවුල කරකැවූ
ලොකු මහතැන් දැක
දෙවියන් සිහිවුනි
මට එවෙලේ.....
මාරු වීම
කරවා ගන්නට මම
දේවාලය වෙත
ගිය දිනයේ.....
පූජා වට්ටියෙ
පුරවා පලතුරු
මොනර කොළ
දෙකක් තැබුවානේ....
අයියෝ දෙයියනෙ
පගාව අරගෙන
ඔයා වැඩේ
කරලා නෑ නේ...!!!
.

Wednesday, November 4, 2015

මෙන්න වැන්දා... අපතයො වීරයො කරන්න එපා...!!!



අර සොයිසව මරපු හාදය video එකක් upload කරලා හේතු ගොඩක් කියලා මේක හින්දා තමයි මැරුවෙ කියලා..
.
ඔන්න දැන් අපේ උන්ගෙ ලෝකෙ වීරයා ''S F ලොකූ'' ..
.
''මචං උඹ පට්ට පොරක්''  ''පූජා නගරෙ උඹ සුද්ද කළා බන්.. උඹ පට්ට..!! ""  කියමින් post share කොරයි.. ( පූජා නගරෙ මිනී මැරීම අපේ උන්ට අව්ලක් නැත. - සභාවේ සිනා )
.(අනික නිරායුධ එක මිනිහෙක්ට 20 ක් විතර වටකරල ගහපු උන්ව කොහොමත් වීරයො කරන්නෙපා බං..)

සොයිසා හොඳ නැති වීමට පුළුවන...

සොයිසා මැරයා වීමට පුළුවන...
සොයිසා ගණිකා නිවාස පැවැත්වූවා විය හැක...
.

Tuesday, November 3, 2015

කුහක දේශපාලනේ දීපන් සතෙකුට... මනුස්සකම ගනිං උඹ ළඟට..



facebook එකේ දැක්ක post වගයක් දැකල මේක ලියන්න හිතුනෙ.


''සෝභිත හිමිට සැත්කමක් කරලා... හොඳ වැඩේ.. පව් පල දෙනව ඕකට.. ඔය කරපුව තමයි.. ඔහොම වෙලා මදි...!! ''

.
ජවිපෙ නායක අනුර මහත්තය රෝහල් ගත වෙච්ච එක අහලා කස්ටියක් post වගයක් හදල තිබ්බා ''රොටිය කර වෙලා '' ද මොකක්ද කියලා..
සරලවම කියනවනං ඒ මනුස්සයට ලෙඩේ හැදිච්ච එකට හොඳ වැඩේ කියලා...
.
කස්ටියක් comment කරලත් තිබ්බා ''හොඳ වැඩේ..!!'' '' ඔහොම වෙලා මදි'' වගේ ඒවා දාලා...
.
සන්ධානෙවත් unp වත් jvp වත් නොවන මානසිකත්වෙකින් මේක දිහා බැලුවම තේරෙනව මේ මිනිස්සු කොච්චර පහත් තිරිසන් මානසිකත්වෙකින්ද ඉන්නෙ කියලා..
.
සෝභිත හාමුදුරුවො , අනුර මොන මතයක් දරනවද.. අනුර කවුද.. සෝභිත හිමි මොනවද කරන්නෙ.. පක්ෂෙ මොකක්ද කියා අපිට වැඩක් නැත..
.
සෝභිත හිමි මනුස්සයෙකි.... අනුර ද මනුස්සයෙකි....
.

Monday, November 2, 2015

ගන්දබ්බයෝ මේ අහපිය


අප්පගෙ බීජයක්
අම්මගෙ බීජයක්
එක් වෙලා හැදුනමුත්
අම්මා අවලම් බැල්ලි
උඹ අවජාතක පරයා...
.
අස්සනක් තිබ්බනං
උඹ චූටි පුතු වේවි
අස්සනක් නැතිවිටදි
උඹ යස්ස පැටි වේවි..
.
දොල දුකක් තියනවද
දැං බඩට කී දොහද
පරිස්සම් කරගන්න
අපේ ලේ පණ සේම...
.
උඹෙ ළඟින් ගෑටුවත්
බඩ වෙනව ගෑණියේ
හෙටම වර යමු යන්න
ඔය කරුමෙ අස්කරමු....
.
ගන්දබ්බ පැටියෝ
ඕකයි පුරස්ණෙ
බයිසිකල් කම්බියෙන්
උඹෙ දිවිය
තොර වෙවි..
.
අස්සනක් ගහලද
පොඩ්ඩක් බලපියව්
රිංගන්න කලියෙන්
මව් කුසට
මේ කාලෙ....!!